Posts

Image
-පොරොන්දුව- .

කඳුළු පරිස්සම් කරගන්න 
මගුල් දවසට අඬන්න 
සඳපානේ මේ කලුවර 
ආශිර්වාඩ දෙයි නැතත් අද ..

අම්මල ඇවිත් හොයාගෙන 
ක්ෂිතිජයේ මායිමට අප 
අහස පොලව එක් වූ දාට 

අඬමු අපි දෙන්නා සතුටට .



-ලහිරු -
Image
නුඹ  හා මා ..

ප්‍රේමයේ  භාෂාව නිහඬ බව වේ නම් ..

ඔබ  මා හා බොහෝ කතා කරන්නට ඇත .

ප්‍රේමයේ අර්ථය  හැර දමා යාම නම් ..

ඔබ මා හට බොහෝ පෙම් කරන්නට ඇත .


-ලහිරු-

ඈ...

Image
ඈ...

මින් පෙර නුදුටු නෙතු සඟලක් මුන ගැසුනා 
නෙතු යුග දිගේ ඒ සිත හිමිහිට         ඇදුනා
පෙර දින නොලද ආදරයක ඉව       දැනුනා 
සිත මත හිමින් පෙම් කුසුමන් පුබුදු     වුනා 




                      සිහිනෙන් පවා  ඒ දෑසම               සෙව්වා                        නොසිතූ  විලස ඔහු  ඈ                සතු වූවා                       ඇගේ සිහින ලෝකේ මල් වැසි      වැටුනා                       පිරිවර මැද පතිකුලයට සැපැත්           වුනා

හිරු එලියත් පොද වැස්සත් වැටෙන     විට 
පෙනුනා පුංචි දේදුන්නක් අහස           මැද
පාවෙන වලාවන් අතරින් පෙනෙන     විට
පාට වුණා ඇගෙ ලෝකය විටින්          විට



                     මල් වැසි බි‍ඳෙන් බිඳ වියලී යන්න       වුනා                      මල්පෙති එකින් එක ගිලිහී බිම       වැටුනා                      සයුරට ගලන්නට ජල කද උරන         වුනා                       ඇගේ සිහින ලෝකය පොඩි වී        වැටුනා

මහ ගඟ සෙමෙන් වියලීගෙන    යන්න වුනේ 
ගල්පර තවත් ඈ මග අවහිර          කෙරුවේ 
දෙපසෙහි තුරු ලතා ඈ වෙත අත     වැනුවේ 
සයුර සොයා යන්නට ඈ වෙර          දැරුවේ 


                     සයුර සොයා ගෙන යන විට         මෙලෙස…

ඉතින් අවසරයි..

Image

ඔරු මාමා..

Image
ඔරු මාමා..



එගොඩට යන අය මෙගොඩට යන අය කව්රුත් හෙව්වෙ ඔරු මාම ව,
"ඔරු මාමා.."  .ගමේ අය ආදරේට කිව්වෙ එහෙමයි. 
ගමේ උදවිය එගොඩ මෙගොඩ ගියේ ඔරු මාමගෙ පිහිටෙන් තමා.,
ඔරු මාමටත් හිටිය පුන්චි දුවෙක්,
දවසක් ඔරුව පෙරලිලා ඒ දුව ගඟේ ගිලිලා නැති උනා..
"පව් අම්මත් නැති අහිංසක එකී"
එදා නම් ඔරු මාමට ගඟට පැනල මෙරෙන්ඩත් හිතෙන්න ඇති,
පන බින්දුවක් තිබුන්නැති දුවව බදාගෙන මාම හොදටෝම අඬුව හුස්ම පොදක් වැටෙයිද කියිල හිත හිත
කාටත් වරදක් නොකරපු ඔරු මාමට ගඟ එහෙම කලේ මාමගෙ හබලෙන් උදේ හවා වදින 
හබල් පාර සැර වෙඩි හින්දද දන්නෙත් නෑ..
ගඟ දිගේ එගොඩ මෙගොඩ යන වාරයක් පාස මාමට පුන්චි දෝනිව මතක් වෙන්ඩ ඇති,
ගඟත් එක්ක තරහත් හිතෙන්න ඇති,
ඒත් මේක මාමගෙ රස්සාවනෙ , 
මක් කරන්ඩද.....
ඔරු මාමගෙ ඔරුවෙ යන්ඩ අසාව හිතේ තියගෙන මාත් කාලෙකින් ගමට ආව,
ඔරු මාමගෙ ඔරුව නම් ගං ඉව්රෙ ගහකට බැදිල බලන් ඉන්නව,
හොදටම දිරල ගිහින්
වයසට යන්න යන්න අපිත් මේ වගේ දිරල යනව නේද කියල හිතුන
ඈත ඔරුවක් එනව ඒත් ඒ ඔරු මාමා නෙවේ..
"ඔරු මාම කෝ?????????"

"අනේ උන්දෙ ඔරුව පෙරලිල දැන් දෑ අව්රුද්දකට කලින් මලා නොවැ"
ඔරු මාම මැරිල.... !!!
හිතා ගන්නත් බෑ..
බාග …